චීනය රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර දෙයි

චීනය රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර දෙයි

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා රහිතව ගමන් කිරීමට චීනය වසරක කාලයක් සිට සැලසුම් කරමින් සිටින බව එරට විදේශ අමාත්‍යාංශය පවසනවා .

ඒ අනුව 2024 දෙසැම්බර් සිට නොවැම්බර් 30 දක්වා, මෙම රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 15ක කාලයක් දක්වා වීසා නොමැතිව චීනයේ ව්‍යාපාර කිරීමට හෝ සංචාරය කිරීමට හැකියි .

දැනට, බොහෝ සංචාරකයින්ට චීනයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය වනවා

සිංගප්පූරුවේ සහ බෲනායි හි පුරවැසියන්, ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට ඇතුළුවීම, සංචාරය කිරීම , පවුල් සංචාර සහ දින 15කට නොවැඩි කාලයක් සංක්‍රමණය වීම වැනි වීසා වලින් නිදහස් වූවන්ට උදාහරණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This