චීනය ලතින් ඇමරිකාවේ ශක්තිය වැඩි කරයි.
චීනය ලතින් ඇමරිකානු කලාපයේ ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවට භූදේශපාලන විශේෂඥයන් පිරිසක් පෙන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔවුන් ඇමරිකානු පාලනය වෙත අවධාරණය කර ඇත්තේ මේ පිළිබද කඩිනමින් ප්‍රතිචාර නොදැක්වුවහොත් ඇමරිකාව කලාපය තුළ දැඩි දුර්වල තත්ත්වයකට පත්වනු ඇති බවයි.
එම විශේෂඥයන් පෙන්වා දී ඇති ආකාරයට , චීනය මේ වන විට ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් කලාපයේ රටවල් 21 ක් සිය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන වෙත සම්බන්ධ කරගෙන තිබෙනවා.
ඒ හරහා චීනය කලාපයේ ආර්ථික ශක්තියට දැඩි බලපෑම් කළ හැකි පාර්ශ්වයක් වී ඇති බවයි විශේෂඥ මතය වී ඇත්තේ.
මේ අතර චීනය ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් කලාපය තුළ සිය ආරක්ෂක සබදතා පුලුල් කිරීමේ මෙහෙයුමක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව පසුගිය වසර 20 ක කාලය තුළ චීන මහජන විමුක්ති හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 200 කට වැඩි වතාවක් මෙම කලාපයේ සංචාරය කර ඇති බව ද සදහන්