චීනය හා සර්බියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් – අන්‍යෝන්‍ය වශයෙන් 90% ක තීරුබදු අවලංගු කිරීමටත් පියවර

චීනය හා සර්බියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් – අන්‍යෝන්‍ය වශයෙන් 90% ක තීරුබදු අවලංගු කිරීමටත් පියවර

චීන – සර්බියා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සර්බියාවේ Novi-Sad නගරයේ දී සිදුව තිබෙනවා.

ඒ සර්බියානු අභ්‍යන්තර හා විදේශීය වෙළෙඳ අමාත්‍යවරයා මෙන්ම සර්බියාවේ චීන තානාපති Li Ming මහතා ඇතුළු චීන – සර්බියා නිලධාරීන් සහ ව්‍යාපාරික නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන්.

මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී වසර එකහමාරකටත් අඩු කාලයක් තුළ එය බලාත්මක කිරීමට පියවර ගැනීම මෙහි විශේෂත්වයක් වන අතර මෙය චීනය විසින් අත්සන් කරන ලද වේගවත්ම නිදහස් වෙළඳ ගිවිසුම්වලින් එකක් වීමද වඩාත් සුවිශේෂී වනවා.

එමෙන්ම මෙම ගිවිසුම චීනය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපීය රටවල් අතර අත්සන් කර බලාත්මක වූ පළමු නිදහස් වෙළඳ ගිවිසුම වීමද විශේෂත්වයක්.

ඊයේ සිට නිල වශයෙන් බලාත්මක කෙරුණු මෙම ගිවිසුමෙන් පසු චීනය සහ සර්බියාව අතර අන්‍යෝන්‍ය වශයෙන් 90% ක තීරුබදු අවලංගු කෙරෙනු ඇති.

ඒ අතරින්, 60% කට වඩා වැඩි ප්‍රමාණයක තීරුබදු, ඊයේ දිනයේ සිටම වහාම ඉවත් කර ඇති අතර, ශුන්‍ය තීරුබදු භාණ්ඩ සහිත දෙපාර්ශවයේම අවසාන ආනයන පරිමාවේ අනුපාතය ද 95%ක් පමණ වනු ඇති බව සඳහන්.

Share This