චීන මාධ්‍ය සමූහයේ 2025 වසරේ වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය ලබන 30දා
සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම චීන අලුත් අවුරුද්ද, ඉකුත් දෙසැම්බර් මාසයේ යුනේස්කෝ සංවිධානය විසින් ලෝක ද්‍රව්‍යාත්මක නොවන උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම ද වඩාත් සුවිශේෂී වුණා.
මෙවර වසන්ත උත්සවය යුනේස්කෝ සංවිධානය එසේ පිළිගැනීමෙන් පසු උදා වන පළමු වසන්ත උත්සවය වීම විශේෂත්වයක්
ඒ සඳහා චීන මාධ්‍ය සමූහය ශන් ෂි පළාතේ ටයි යුවන් අගනුවරදී වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇතැයි චීන මාධ්‍ය සමූහයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වං ශියාඕ චෙන් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
වසර 2500ක ඉතිහාසයක් සහිත ටයි යුවන් නගරය ගැඹුරු ඔපෙරා කලා සාම්ප්‍රදායක් හිමි ප්‍රකට සංස්කෘතික නගරයක් බවයි වාර්තා වන්නේ
චීන කොමියුනිස්ට් පක්ෂයේ ටයි යුවන් නගර කොමිසමේ මහ ලේකම් වෙයි ටාඕ මහතා ද මෙම අවස්ථාවට එක් වෙමින් පැවසුවේ චීන මාධ්‍ය සමූහයේ 2025 වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය ටයි යුවන් නගරයේ පැවැත්වීම සතුටට කරුණක් බවයි.
එමෙන්ම චීන මාධ්‍ය සමූහයේ 2025 වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය එළඹෙන 30වැනි දා එනම් සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්දේ දෙවන දින රාත්‍රී 8.00ට චීන මධ්‍යම රූපවාහිනියේ නාලිකා ඔස්සේ විකාශය කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා
මීට සමගාමීව එම රාත්‍රී ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයට අයත් වෙබ් අඩවි හා යෙදුම් මගින් ද විකාශය කිරීමට නියමිත යි