චීන හැකර්වරුන්ගේ ප්‍රහාරය අමෙරිකාව මැඩලයි

චීන හැකර්වරුන්ගේ ප්‍රහාරය අමෙරිකාව මැඩලයි

චීන රජයේ අනුග්‍රහය ලබන හැකර්වරුන් පිරිසක් අමෙරිකාවේ යටිතල පහසුකම් පද්ධතිය අඩාල කිරීමට ගත් උත්සහයක් ව්‍යර්ථ කළ බව එරට FBI ප්‍රධානියා පවසනවා.

අමෙරිකා ෆෙඩරල් බුද්ධි ඒකකය හෙවත් FBI හි අධ්‍යක්ෂ Christopher Wray ප්‍රකාශ කළේ චීන හැකර්වරුන් අවස්ථා සියයකට වැඩි ප්‍රමාණයකදී අනවසරෙන් තම පද්ධති වෙත ඇතුළුවීමට උත්සහ කළ බවයි.

කෙසේවෙතත් එම සියලු උත්සහයන් ව්‍යර්ථ කළ බව ඔහු කියා සිටියා.

විදුලිබල ජාලය හා ජල නල මාර්ග ඇතුළු පොදු යටිතල පහසුකම්වල දත්ත පද්ධතිය වෙත මෙසේ ඇතුලුවීමට උත්සහ දරා ඇති බව සදහන්.

 

 

Share This