චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක 14 දෙනෙකු මරා දැමූ පුද්ගලයාත් එහි ශිෂ්‍යයෙකු බවට අනාවරණයක් (VIDEO )

චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක 14 දෙනෙකු මරා දැමූ පුද්ගලයාත් එහි ශිෂ්‍යයෙකු බවට අනාවරණයක් (VIDEO )

චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක පුද්ගලයින් 14 දෙනෙකු වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුද එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෙකු බව එරට පොලිස් ප්‍රධානියා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා

මෙම වෙඩි තැබීමෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීහු පවසන්නේ

චාල්ස් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමෙන් පසු 24 හැවිරිදි තුවක්කුකරු ද මියගොස් සිටි බව පොලිසිය පවසනවා .

සැකකරු ප්‍රාග් නගරයෙන් කිලෝමීටර් 21ක් ඈතින් පිහිටි ගමක සිටින අයෙක් බවත් ඔහුගේ පියාද මෙම සිදුවීමෙන් පසු මියගොස් සිටියදී සොයා ගෙන තිබෙන බවත් සඳහන් .

වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් නොමැති බවත් ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත් මූලික තොරතුරුවලට අනුව බලධාරීහු පවසනවා

Share This