ඡන්දයට වැසෙන සුරාසැල්
මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වන්නේ.
මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුලු නීති විරෝධී අයුරින් කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරි ජනරාල්වරයා උපදෙස් දී ඇති බව සඳහන්.
මේ අතර හිඟ සුරාබදු ගෙවීම සඳහා මේ මස 30 වනදා තෙක් සමාගම්වලට අවස්ථාව ලබාදී තිබෙන අතර එම සංඛ්‍යාව 10කට ආසන්න බව සඳහන්.
මෙම සමාගම් අතරින් සමාගම් 4ක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ දැඩි අවධානයක් යොමුව ඇති අතර එම සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමක් සිදුවනු ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.