ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවන්න ජනපතිගෙන් සහන

ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවන්න ජනපතිගෙන් සහන

ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිපත්තිය ජනතාව සැමදා දුප්පත් ජනතාවක් ලෙස තබා ගනිමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයේ දි මේ රටේ ජනතාව තමා සමඟ එක්විය යුත්තේ එම වෙනස වෙනුවෙන් බවයි කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) පස්වරුවේ මැදවච්චියේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ රජරට ඇති කරමින් රජරට ප්‍රදේශයේ පැවති අතීත සශ්‍රිකත්වය නැවත එම ප්‍රදේශයට ගෙන එන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ඒ වෙනුවෙන් ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇති බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පක්ෂයක් දිනවන මැතිවරණයක් නොව රටේ අනාගතය දිනවන මැතිවරණයක් බවත්, පක්ෂ එදිරිවාදිකම් වලින් තොරව රටේ ජයග්‍රහණය තහවුරු කිරිමට සියලුදෙනා එක්විය යුතු බවත් ප්‍රකාශ කර තිබෙනවා.

Share This