ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිගැනීමේ අඩුවක් -උපුල් රෝහණ

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිගැනීමේ අඩුවක් -උපුල් රෝහණ

ජනතාව කොවිඩ් උපදෙස් පිළිගැනීමේ අඩුවක් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා

මේ පිළිබඳ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් සිදු නොකරන බවත් කෙටි ගමන් සේවා බස් රථවලින් 80%කට වැඩි ප්‍රමාණයක්ද සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ

එසේම ආයතනවලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද කොවිඩ් උපදෙස් පිළිනොපදින බව වැඩිදුරටත් පවසනවා

සංචරණ සීමා ඉවත්කර ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබෙන නිසා එය අවභාවිතා නොකරන ලෙසත් ,කුමන කටයුත්තක් සිදු කළත් එය සෞඛ්‍ය උපදෙස් මත සිදුකරන ලෙසත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටිනවා

Share This