ජනතා අයිතියට පැවරෙන වරාය නගරයේ පොදු මං තීරුව

ජනතා අයිතියට පැවරෙන වරාය නගරයේ පොදු මං තීරුව

කොළඹ වරාය නගරයේ මහජනයා සඳහා වෙන්කෙරුණු පොදු මං තීරුවේ කොටසක් මේ සති අන්තයේ විවෘත කිරීමට නියමිත බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එය  ගාලු මුවදොර සිට පා ගමනින් ගමන් කළ හැකි කොටසකින් සහ වෙරළ තීරයට යාවෙන පාලමකින් සමන්විතයි

එම කොටස විවෘත වීම සිදුවන්නේ  චීන විදේශ ඇමැතිවරයාගේ මෙරට සංචාරයට සමගාමීවයි .

චීන විදේශ ඇමැති  වෑහන්  යි  මහතා  හෙට  (08  වැනිදා)  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර ඔහු මෙරටට එන්නේ චීන ශ්‍රී ලංකා රාජ්‍ය  තාන්ත්‍රික  සබඳතාවලට වසර 65ක් පිරීම නිමිත්තෙන්

මෙම සංචාරයට සමගාමීව චීන විදේශ ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් කොළඹ වරාය නගරයේ පොදු මං තීරුවේ කොටසක්ද මෙසේ විවෘත වන බවයි පැවසෙන්නේ

Share This