
ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර
මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරභකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ මාල දිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වුණා.
එහිදී මාලදිවයිනේ ජාතික බලකායේ උත්තමාචාරය මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා මහත් හරසරින් පිළිගත්තා.
ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා එම දැරියන් සමග කෙටි කතා බහක ද නිරත වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාලේ හි ජනරජ චතුරශ්‍රයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.