ජනපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව වෙනිසියුලාවේ විරෝධතා තවදුරටත්

ජනපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව වෙනිසියුලාවේ විරෝධතා තවදුරටත්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය පළ කරමින් වෙනිසියුලාවේ තවදුරටත් විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙනිසියුලාවේ වත්මන් නිකොලස් මදුරෝ නිල වශයෙන් ප්‍රකාශ කළ ජයග්‍රහණය නොතකා වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් වෙත සිය සහය පළ කරමින් අදාළ විරෝධතා තවදුරටත් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධය දක්වමින් ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ද විරෝධතා පැවැත්වෙන බව සඳහන්.

Share This