
ජනපති අද ජපාන අගමැති හමුවේ
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා මුණගැසීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ හමුවේදී දෙරටේ ආර්ථිකය,ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබද අවධානය යොමුකරන බවයි.
මෙම සාකච්ඡා සදහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ,ඩිජිටල් ආර්ථිකය පිළිඹද ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතයි.
