
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් ද පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර ඇති බව සඳහන්.
මෙහිදී දෙරට අතර වෙළෙඳාම ශක්තිමත් කිරිම හා වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් නායකයන් අවධානය යොමු කළ අතර, ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.
එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා ජනාධිපතිවරයා හමුවේ පෙන්වාදී ඇති බව සඳහන්.