ජනපති අනුරට ජර්මනියේ දී රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක්
ජනපති අනුර - ජර්මානු ජනාධිපති හමුවෙයි

ජනපති අනුරට ජර්මනියේ දී රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක්

 

ජර්මානු පෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත අනුර කුමාර දිසානායක මහතා, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක වෝල්ටර් ස්ටයින්මියර්ගේ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.

බර්ලීනයේ බෙල්වීව් මන්දිරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පිළිගත්තේ ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතවයි. ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණයට එක්වුණා.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර ද්වීපර්ශ්වික සාකච්චා ඇරඹුණා.
දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබෙනවා.

වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා.

Share This