ජනපති අනුරට සුබ පැතූ බයිඩ්න්

ජනපති අනුරට සුබ පැතූ බයිඩ්න්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

ඒ, සිය X ගිණුමේ සටහනක් තබමින්.

“ශ්‍රී ලංකාවාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන ඇති අතර ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම “ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනුයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This