ජනපති අනුර අද ජර්මනියට

ජනපති අනුර අද ජර්මනියට

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් – වෝල්ටර් ස්ටයින් මියගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ ජර්මනියේ නිල සංචාරයකට එක්වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ජනාධිපතිවරයා හෙට සිට ලබන 13 වැනිදා දක්වා මෙම රාජ්‍ය සංචාරයට එක්වීමට නියමිත අතර එහිදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම එහිදී රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව වෙනුවෙන් නව මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාතාංශය පවසන්නේ.

ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ව්‍යාපාරික සංසදය සමඟ සාකච්ඡා කිරීමට නියමිත ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින්ද හමුවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This