ජනපති අනුර හෙට ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වනවා
ඒ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුවයි
එමෙන්ම ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා සිදු කෙරෙන පළමු සංචාරය ද මෙයයි
එහිදී ඉන්දීය ජනපති සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා
එමෙන්ම එහිදී ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ගැන සාකච්ඡා කිරීමට නියමිත අතර ආදානි බලශක්ති ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ගයන් ගැනත් සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ