
ජනපති මාලදිවයින් සංචාරයට පිටත්ව යයි
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතාගේ අරාධනයකට අනුව එරට සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
30 වැනිදා දක්වා එරට රැදී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත් වනු ඇති.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතර දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම සදහා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කරන වයාපාරික සංසදයක් ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීමට ද නියමිතයි.
මෙම සංචාරය සදහා විදේශ කටයුතු,විදේශ රැකියා,සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එකව සිටිනවා.