ජනපති මියන්මාර තානාපතිනිය හමුවෙයි

ජනපති මියන්මාර තානාපතිනිය හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් මහත්මිය අතර හමුවක් අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපතිවරයා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැපවී කටයුතු කරන බවයි එහිදී රට තානාපතිවරිය සඳහන් කර සිටියේ.

කෘෂිකර්මය, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී තානාපතිවරිය පෙන්වාදුන් බව සඳහන්.

Share This