ජනපති සහ අගමැති කතරගම පූජා භූමියේ ආගමික වතාවත්වලට එක්වෙයි (වීඩියෝ)
නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) එක් වුණා.
එහිදී ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා, කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
අද (31) පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධම්මින්ද හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.