
ජනපති සහ පක්ෂ නායකයින් අතර හමුවක් හෙට
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂිතයි.