
ජනපති සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර හමුවක් (VIDEO)
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදුවන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති අතර තම රජය එවැනි අවිධිමත් ණය ලබාගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමුකර තිබෙනවා.
මෙවර අයවැයෙන් සිදුකරන ලද මූලික වැටුප වැඩි කිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම, දීමනා ලබාදීම, ආදායම් බදු සීමාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සහිත යෝජනා මාලාවක්ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.