ජනප්‍රිය විකට නළුවෙක් වන Micheal Usi මලාවි උප ජනපති ලෙස දිවුරුම් දෙයි

ජනප්‍රිය විකට නළුවෙක් වන Micheal Usi මලාවි උප ජනපති ලෙස දිවුරුම් දෙයි

ජනප්‍රිය විකට නළුවෙකු හා දේශපාලනඥයෙකු වන 55 හැවිරිදි Micheal Usi මලාවි හි උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

මලාවියේ Lilongwe අගනුවර පැවති උත්සවයක නව උප ජනාධිපතිවරයා දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ මස මුලදී ගුවන් අනතුරකින් මියගිය හිටපු උප ජනාධිපති Saulos Chilima ගෙන් පුරප්පාඩු වූ ධුරයේ මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

Micheal Usi සිය පදවි ප්‍රාප්තියෙන් පසුව සිදුකළ කතාව සියලුදෙනාගේ ප්‍රශංසාවක් ලක්වී තිබෙනවා.

ඔහු තම පූර්වගාමියාගේ මතකයට ගරු කරන බවට පොරොන්දු වී ඇති අතර මලාවියේ පවතින සභාග ආණ්ඩුව තුළ උප සභාපති ලෙස නම් කිරීමට ඔහු කෙරෙහි විශ්වාසය තැබීම ගැන ජනාධිපති ලාසරස් චක්වේරාට ස්තුතියද පළ කළ බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ පත්වීම ඇතැම් මලාවි ජාතිකයන්ගේ විවේචනයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැමුන් ඔහුගේ රංගන දිවියේ ක්ලිප් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගනිමින් ප්‍රශ්න කරමින් සිටින්නේ ඔහු මෙතරම් ජ්‍යෙෂ්ඨ චරිතයක් භාර ගැනීමට තරම් වගකීම් දැරිය හැකි පුද්ගලයෙක්ද යන්නයි.

Micheal Usi ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන Tikuferanji හි තවමත් රඟපාන චරිතයක නම වන “Mangya” ලෙස ජනප්‍රියයි.

Dr Usi මලාවි හි චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා උද්යෝගිමත් උපදේශකයෙකුද ක්‍රියා කර තිබෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔහු මුලින්ම ඔහුගේ රංගන ජීවිතයට අරමුදල් සම්පාදනය කළේ රෝහල් වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමෙනි.

ඔහුට සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන අතර රංගන ජිවිතටය එළඹීමට පෙර ඔහු වෛද්‍යවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා.

පසුව දිළිඳු ප්‍රජාවන් වැඩි දියුණු කිරීමට වසර ගණනාවක් ඔහු ක්‍රිස්තියානි රාජ්‍ය නොවන සංවිධානයක් වන Adventist Development and Relief Agency (Adra) හි සේවය කළා.

නව උප ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ Bedfordshire විශ්ව විද්‍යාලයෙන් තරුණ සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ඇති බව සඳහන්.

Share This