
ජනාධිපතිගේ ආරාධනයෙන් ලෝක බැංකු සභාපති අද දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ලෝක බැංකු සභාපතිවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.
අජේ බංගා මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක බැංකු සමූහයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට සංචාරයක නිරත වනලෙස ඔහුට ආරාධනා කර තිබෙනවා.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.