
ජනාධිපතිවරණයට මුදල් දෙන්න ගැටලුවක් නැහැ -මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කොමිසමට දන්වයි
ජනාධිපතිවරණය සදහා අවශ්‍ය මුදල් ගැටලුවකින් තොරව ලබා දීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මුදල් ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක එය ලබා දීමට හැකි බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් අද (17) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සහාපති එම්.එල්.ඒ.ආර් රත්නායක මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරණයේ සියලු වියදම් සදහා රුපියල් බිලියන 10ක මුදලක් මේ වන විට මැතිවරණ කොමිසම විසින් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මැතිවරණ නීති සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයට ලක්ව ඇති බවයි එම කොමිසම සදහන් කළේ.