ජනාධිපතිවරණය කල් දැමීමේ යෝජනාවක් සෙනගාලයේ නීති සම්පාදකයින් විසින් විවාදයට ගැනීමේ සූදානමක්

ජනාධිපතිවරණය කල් දැමීමේ යෝජනාවක් සෙනගාලයේ නීති සම්පාදකයින් විසින් විවාදයට ගැනීමේ සූදානමක්

මේ මස අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමේ යෝජනාවක් සෙනගාලයේ නීති සම්පාදකයින් විසින් විවාදයට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අපේක්ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳ ආරවුලක් හේතුවෙන් ඡන්දය ප්‍රමාද කරන බව එරට ජනාධිපති Macky Sall පසුගිය සෙනසුරාදා නිවේදනය කර තිබෙනවා

මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඩකාර් අගනුවරට එක්වූ ජනතාව විරෝධතා ආරම්භ කල අතර එය විසුරුවා හැරීම සඳහා ආරක්ෂක හමුදා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා

හිටපු අගමැති Aminata Touré සහ මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු වන Anta Babacar Ngom ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනපතිගේ නිවේදනය ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් හඳුන්වා දී ඇති නමුත් තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනාධිපති Macky Sall පවසා ඇති බවද සඳහන්

එමෙන්ම පනත් කෙටුම්පතට අනුව අගෝස්තු 25 වන දින ඡන්දය පැවැත්වීම සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා ස්ථාපනය කරන තෙක් Macky Sall බලයේ තබා ගැනීමේ යෝජනාවක් අද (05) පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තවදුරටත් අස්ථාවර වීම පිළිබඳව පවතින බිය නිසා හැකි ඉක්මනින් නව දිනයක් නියම කරන ලෙස ජාත්‍යන්තර ඉල්ලීම් තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This