ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා

ඒ අනුව ලබන 23 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් ලබන19 වැනිදා පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු වනවා

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබෙනවා

මීට අමතරව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන්

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This