
ජනාධිපති කාර්යාලයේ වෙන්දේසියේදී අලෙවි වූ වාහන මිල ගැන පැහැදිලි කිරීමක්
ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවන අදියර සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ
එමෙන්ම ඇතැම් වාහන සඳහා තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින් අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණක් වන අතර රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවූ වාහන අතරට වාහන 09ක් ඇතුළත් බව එහි සඳහන්
එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ පුවත් නිර්මාණය කරමින් ඒවා ප්‍රචාරණය කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බවට දක්නට ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍යතාවයෙන් තොර අසත්‍ය පුවත් වන බවත් එම පුවත්වලට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇති බවයි
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,