ජපානය මෙරට වෛද්‍ය පරිපාලකයින් හට වසරක පුහුණු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කරයි

ජපානය මෙරට වෛද්‍ය පරිපාලකයින් හට වසරක පුහුණු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කරයි

ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි පාසල මඟින් මෙරට තෝරාගත් වෛද්‍ය පරිපාලකයින් හට මෙම වසරේ සිට වසරක පුහුණුවකින් පසු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Eiko Yamamoto මහත්මිය ඇතුලු දූත පිරිසක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවී ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයතු කර තිබෙන බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරිපාලන විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ජපාන තානාපති කාර්යාලයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙරට වෛද්‍ය පරිපාලකයින්ට මෙම වසරක පුහුණුව ඇතුළු ශිෂ්‍යත්වය ලබාදිමට කැමැත්ත පළ කර තිබෙනවා.

මේ වන විට ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලය මඟින් වියට්නාමය, තායිලන්තය, මැලේෂියාව, බංග්ලාදේශය, මොංගොලියාව, කාම්බෝජියාව, කසකස්ථානය, ලාඕසය සහ කිර්ගිස් ජනරජය වැනි රටවල්වල වෛද්‍ය පරිපාලකයින්ට පුහුණුව ලබාදිම සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ මීට අදාළ නිලධාරින් තෝරා ගැනීම් කටයුතු කරනු ඇති බව සඳහන්.

Share This