ජපානයේ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ Karolina Shiino තම කිරුළ අත්හරියි

ජපානයේ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ Karolina Shiino තම කිරුළ අත්හරියි

ජපානයේ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ Karolina Shiino තම කිරුළ අතහැර දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ ටැබ්ලොයිඩ් වාර්තාවකින් විවාහකයෙකු සමග ඇති ඇගේ සම්බන්ධයක් හෙළිදරව් වීමත් සමගයි.

26 හැවිරිදි යුක්‍රේනයේ උපත ලද Karolina Shiino මීට සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පළදිනු ලැබුවා

ඇතැමුන් මෙම කිරුළ පිළිගනු ලැබූ අතර තවත් සමහරු කියා සිටියේ ඇය සාම්ප්‍රදායික ජපන් රූපලාවන්‍ය පරමාදර්ශ නියෝජනය නොකරන බවයි.

කෙසේවෙතත් ප්‍රාදේශීය සඟරාවක් අනියම් සම්බන්ධයක් පිළිබඳව ඇයට චෝදනා කරමින් ඒ ගැන හෙළිදරව්වක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ

පසුගිය සතියේ පළවූ එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් තරග සංවිධායකයින් Karolina Shiino ආරක්ෂා කරනු ලැබුවේ එම පුද්ගලයා විවාහක බව ඇය නොදැන සිටි බව පවසමිනුයි .

එමෙන්ම ඊයේ (05) දිනයේ සංවිධායකයින් පැවසුවේ ඇය එම පුද්ගලයාගේ විවාහය සහ පවුල පිළිබඳව දැන සිටි බවට පාපොච්චාරණය කළ බවයි.

නොමග යැවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටි අතර සංවිධායකයින් ඇයගේ තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජපාන රූ රැජින සංගමය පවසනවා

මේ අතර Karolina Shiino සඳුදා (05) ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ රසිකයන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමාව අයැද සිටි අතර එහිදී ඇය කියා සිටියේ වාර්තාවට ප්‍රතිචාර වශයෙන් බියෙන් හා භීතියෙන් ක්‍රියා කළ බවයි.

Share This