ජම්මු සහ කාශ්මීර ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සිව්වන සංවත්සරය අද

ජම්මු සහ කාශ්මීර ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සිව්වන සංවත්සරය අද

 

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරය 370 ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සිව්වන සංවත්සරය අදට (05) යෙදී තිබෙනවා.

ගතවූ කාලය තුළ ජම්මු සහ කාශ්මීර පරිපාලනය එම කලාපය තුළ මාර්ග ඇතුළුව යටිතල පහසුකම් සංවර්ධනය තුළින් අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය එම කලාපය තුළ වඩා හොඳ මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ උත්සාහයේ අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

වසර ගණනාවක් පුරා අතහැර දමා තිබු කාශ්මීරයේ මාර්ග සහ පාලම් ඉන්දීය පරිපාලනය යටතේ ඉදි කර ඇති අතර ඒවා නිසි පරිදි නඩත්තු කෙරෙනවා.

ඒ අනුව ජම්මු කාශ්මීරයේ සියලුම දිස්ත්‍රික්කවලට අයත් ගම්මාන ගණනාවක මේවනවිට නිසි මාර්ග පද්ධතියක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ හමුවේ කාශ්මීරයේ ගම්මාන දැන් වඩාත් අලංකාර හා ආකර්ෂණීය වී ඇතැයි ද එම වාර්තාවල දැක්වෙනවා

Share This