ජයනන්ද වර්ණවීර ජීවන ගමනට සමුදෙයි

ජයනන්ද වර්ණවීර ජීවන ගමනට සමුදෙයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතා 64 වැනි වියේ පසුවුණා.

දඟ පන්දු යවන්නෙකු ලෙස 1986 දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා 1994 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළා.

තමා ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ භාරකරු ලෙස ජයනන්ද වර්ණවීර මහතා කටයුතු කරනු ලැබුවා.

Share This