ජර්මනිය ගංජා නීතිගත කරයි, නමුත් එය මිලදී ගැනීමට සීමා පනවයි

ජර්මනිය ගංජා නීතිගත කරයි, නමුත් එය මිලදී ගැනීමට සීමා පනවයි

ගංජා භාවිතා කිරීමට අවසර දීම සඳහා ජර්මානු පාර්ලිමේන්තුව නව නීතියක් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

නීතියට අනුව, ජර්මනියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට සැලකිය යුතු ප්‍රමාණයක් ගංජා සන්තකයේ තබා ගැනීමට අවසර දෙන අතර දැඩි නීති රීති මගින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම දුෂ්කර කර ඇති බව සදහන්.

පොදු ස්ථානවල ගංජා ග්‍රෑම් 25ක් දක්වා සන්තකයේ තබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර පෞද්ගලික නිවාසවල නීත්‍යානුකූලව තබා ගැනීමට ඇති ගංජා ග්‍රෑම් සීමාව 50 ක් බව සදහන්.

එමෙන්ම පෞද්ගලික නිවාසවල නීත්‍යානුකූලව තබා ගැනීමට ඇති ගංජා ග්‍රෑම් සීමාව 50 ක් බව සදහන්.

දැනටමත් ජර්මනියේ බර්ලින් වැනි සමහර ප්‍රදේශවල ප්‍රසිද්ධියේ දුම්පානය කරනු දුටුවත් නොදැක්කා සේ සිටින බව ඇතැමුන් පෙන්වා දී තිබෙනවා.

පෙර පැවති නීතිය නොතකා තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වසර ගණනාවක් තිස්සේ ඉහළ ගොස් ඇති බවයි මෙම නව ප්‍රතිසංස්කරණය හදුන්වා දුන් සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසන්නේ.

ඔහුට අවශ්‍ය වන්නේ මත්ද්‍රව්‍ය ජාවරමේ නිරත වන කළුකඩ වෙළඳ පොළ අඩපණ කිරීමට, දුම් පානය කරන්නන් දූෂිත ගංජාවලින් ආරක්ෂා කිරීමට සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා ලැබෙන ආදායම් මාර්ග කපා හැරීමයි.

ගංජා භාවිතය නීතිගත කලත් නීත්‍යානුකූල ගංජා කැෆේ රට පුරා හිටි හැටියේ බිහි වන්නේ නැහැ.

කෙසේවෙතත් ලිබරල්කරණය මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවන බව පවසමින් තරුණයින්ගේ සහ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම් කනස්සල්ල පළ කර තිබෙනවා.

ඊයේ (23) ජර්මානු පාර්ලිමේන්තුවේ බුන්ඩෙස්ටාග් හි පැවති සැසිවාරයකින් පසුව, අවසානයේ ඡන්දය 407කින් 226ට නව නීතිය සම්මත වූ බව සදහන්.

විපක්ෂයේ සිමෙන් බොර්කාර්ඩ් මන්ත්‍රීවරුන්ට පැවසුවේ රජය වෛද්‍යවරුන්, පොලිසිය සහ මනෝචිකිත්සකයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා ආණ්ඩුව මෙම ව්‍යාකූල නීතිය සම්මත කරගෙන ඇති බවයි.

නමුත් පාසල් අසල සහ ක්‍රීඩා පිටි වැනි සමහර ප්‍රදේශවල ගංජා දුම් පානය කිරීම තවමත් නීති විරෝධී වන බව සදහන්.

තීරණාත්මක ලෙස, වෙළඳ පොළ දැඩි ලෙස නියාමනය කරනු ලබන අතර ඒ නිසා ගංජා මිලදී ගැනීම පහසු වන්නේ නැහැ.

බලපත්‍රලාභී වෙළඳසැල් සහ ෆාමසිවලට ගංජා අලෙවි කිරීමට අවසර දීමේ මුල් සැලසුම් ඉවත් කර ඇත්තේ මෙය ගංජා අපනයනය ඉහළ යාමට හේතු විය හැකි බවට යුරෝපා සංගමය පලකළ කනස්සල්ල මතයි.

ඒ වෙනුවට, “ගංජා සමාජ” ලෙස නම් කර ඇති සමාජ ශාලා වර්ධනය වී ඒවයෙහි සීමිත මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බෙදා හරිනු ලබනවා.

සෑම සමාජ ශාලාවකටම සාමාජිකයින් 500කගේ ඉහළ සීමාවක් ඇති වුවත් ගංජා පානය කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

එමෙන්ම ගංජා වගා කිරීමට ද අවසර දෙනු ලබාදෙන අතර එක් නිවසකට මරිජුවානා පැල තුනක් දක්වා අවසර දෙන බව සදහන්.

ඉදිරි වසර කිහිපය තුළ, නව නීතියේ බලපෑම තක්සේරු කිරීමට රජයට අවශ්‍ය වී ඇති බවත් අවසානයේ බලපත්‍ර සහිත ගංජා විකිණීම හඳුන්වා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

කෙසේවෙතත් විපක්ෂය පවසන්නේ ලබන වසරේ ආණ්ඩුවට පැමිණියහොත් මෙම නව නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි.

Share This