ජර්මනි පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත සිදුවීමක්

ජර්මනි පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත සිදුවීමක්

ජර්මනියේ කොන්සර්වේටිව් නායකයා චාන්සලර් ධුරයට පත්වීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී අනපේක්ෂිත ලෙස බහුතරයක් අහිමි වී තිබෙනවා.

ඒ අනුව ආසන 630කින් ඡන්ද 316 ක් අවශ්‍ය වූ නමුත් එහිදී හිමිව ඇත්තේ ඡන්ද 310 ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බහුතරය හිමි නොවීම හේතුවෙන් ජර්මනියේ නව චාන්සලර්වරයෙකු පත් කර ගැනීම සඳහා තවත් දින 14ක කාලයක් සිටීමට සිදුව තිබෙනවා.

විපක්ෂයට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ප්‍රමාණවත්ව නොවපතින අතර ඔහුට සහය පළ කරනු ඇති බවට අපේක්ෂා කළ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This