ජල අංශු පිරි වායු ගෝලයකින් සමන්විත නව ග්‍රහ ලෝකයක් සොයාගැනේ

ජල අංශු පිරි වායු ගෝලයකින් සමන්විත නව ග්‍රහ ලෝකයක් සොයාගැනේ

අමෙරිකාවේ නාසා විද්‍යාඥයින් විසින් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්,ජල අංශු පිරි,වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන තිබෙනවා.

විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, GJ 9827 d යන නමින්.

ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 97 ක් දුරින් බව ද ඔවුන් සඳහන් කරනවා.

මෙම නව ග්‍රහලෝකය පෘථිවියේ විෂ්කම්භය මෙන් දෙගුණයක් වන අතර පර්යේෂකයන් පවසන ආකාරයට මෙම ග්‍රහලෝකයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 427ක්.

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This