
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා
වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී අමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහි කරමින් මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කළා
එමෙන්ම එම අරගලයේදී පොලිස් වෙඩිපහරින් මිය ගිය කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ කමිස ඔසවාගෙන එදා ඔවුන් ගිය පෙළපාලිය සිහිපත් කරමින් වැඩකරන ජනතාවගේ ධජය රතු පැහැයෙන් සංකේතවත් කරනු ලබනවා
ඒ අනුව මෙම දිනය සේවකයින් සඳහා නිල නිවාඩු දිනයක් මෙන්ම අනිවාර්ය විවේකී දිනයක් ලෙසයි සැලකෙන්නේ.
කම්කරු දිනය, මැයි දිනය ලෙස ද හඳුන්වනු ලබන අතර එය අයිතිවාසිකම් සහ යහපත් සේවා කොන්දේසි සඳහා කම්කරුවන්ගේ අරගලයට උපහාර දැක්වීම සඳහා ගෝලීය වශයෙන් සමරනු ලබන දිනයක් වනවා
ශ්‍රී ලංකාවේ පළමු මැයි දිනය පවත්වා ඇත්තේ 1933 වර්ෂයේදී වන අතර ඒ සඳහා නායකත්වය ගෙන ඇත්තේ ඒ ඊ.ඒ ගුනසිංහ මහතා විසිනුයි
එමෙන්ම ශ්‍රී ලංකාවේ මැයි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතතේ වර්ෂ 1956 දී යි