
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනා කරන බව ක්‍රීඩා ඇමති කියයි
මෙරට ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනා කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ආයතනයට අසීමිත බලයක් ලැබුණු ආකාරය ගැටලු සහගත බවයි
එමෙන්ම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා
