ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

2005 වසරෙන් පසු, එම අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

2005 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මීළඟ වාරිකය ලැබීමට නියමිතව තිබෙන පසුබිමක එම අරමුදලේ ප්‍රධානියෙකු මෙරටට පැමිණීම ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබුණා.

සිය සංචාරය තුළදී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, ‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය’ මැයෙන් හෙට පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සහභාගීවීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති පසුබිමක මෙම අවස්ථාවේදී පැවැත්වෙන සමුළුවේදී සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම සහ ඉදිරි අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතයි.

තවද මෙම සංචාරයේදී, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරන බවයි එම අරමුදල පවසන්නේ.

 

 

Share This