
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය – ජනපති හමුවේ
නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු වූ අවස්ථාවේ මේ අදහස් පළ කළා.
එහිදී ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය හිමිවන බවයි.
එහිදී ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම, ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසුවා.
