ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබන සතියේ ලැබෙන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබන සතියේ ලැබෙන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය එළඹෙන 12 වනදා වන විට ලැබීමට ඉඩ ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී, එකිනෙකට වෙනස් අදහස් තිබෙන රටවල් සමග හොඳ සබඳතාවයක් පවත්වා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයට අද (07) එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නව ප්‍රතිසංස්කරණය කටයුත්තේදී එකිනෙකට වෙනස් අදහස් තිබෙන මෙම රටවල් සියල්ල ඉතාම හොඳින් කළමනාකරණය කර ගත් නිසා IMF පළමු ණය වාරිකය ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු පෙන්වා දුන්නා.

මේ වන විට ශ්‍රී ලංකාව, ජපානය ,චීනය, ඉන්දියාව සහ මැද පෙරදිග රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ගෙන ඇති අතර මෙය විශාල ජයග්‍රහණයක් බවයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This