ජාත්‍යන්තර AI රාමුව ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

ජාත්‍යන්තර AI රාමුව ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගී ජාත්‍යන්තර රාමුවක් සඳහා චීනය උනන්දු බව Elon Musk පවසනවා.

පසුගියදා ඔහුගේ චීන සංචාරය අතරතුර චීන නිලධාරීන් හමුවීමෙන් පසුව, චීන රජය කෘතිම බුද්ධි රෙගුලාසි ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි Elon Musk පෙන්වා දෙන්නේ.

OpenAIහි ChatGPT නිකුත් කිරීමෙන් පසු මෑත මාසවලදී නැගී එන තාක්‍ෂණයේ අන්තරායන් අවම කරන්නේ කෙසේදැයි රජයන් සලකා බලමින් සිටිනවා.

දැන් පවතින අන්තර්ජාල නීති රීතිවල බලපෑමට අනුව ගෝලීය වශයෙන් AI භාවිතය පාලනය කරන නීති රීති සැකසීමට රජයන් උත්සහ කරමින් සිටින බවයි Elon Musk වැඩිදුරටත් පවසන්නේ.

Share This