
ජාතික ක්‍රීඩා සභාව පත්කරයි
නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අද (14) සිදු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම පැසිපන්දු ක්‍රීඩකයෙකු ද ප්‍රියන්ත ඒකනායක මහතා මෙහි සභාපතිවරයා ලෙස පත්කර තිබෙන බව සඳහන්.
ඔහු ඇතුළු සාමාජිකයින් 13 දෙනෙකු ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිය පත්වීමේ ලිපි භාරගෙන තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස සමන්තා නානායක්කාර, රුක්මන් වෑකඩපොළ, සිදත් වෙත්තමුනි, චානක ජයමහ, රොහාන් අබේකෝන්, නිරෝෂන් විජේකෝන්, මුරාද් ඉස්මයිල්, රොෂාන් මහනාම, සී. රත්නමුදලි, ශ්‍රියානි කුලවංශ, මලික් ජේ. ප්‍රනාන්දු, ශානිත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.