ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්

ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්

මෙවර අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

එළඹෙන නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා අමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙන අතර එය සංකේතාත්මකව ප්‍රදානය කිරීමට එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This