
ජාතික ගමනා ගමන කොමිෂමට අලුත් බලතල එන පනතට කතානායක අනුමැතිය
පාසල් වැන් රථ,කාර් යාල වෑන් රථ,ත්‍රි රෝද රථ, සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන,හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ජාතික ගමනා ගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන පරිදි ජතික ගමනා ගමන කොමිෂන් සභා ( සංශෝධන ) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ අත්සන් තැබුවා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ මෙම සංශෝධන පනත මගින් දිගු දුර ගමන් බස් රථ භාවිත කරන අවන්හල් නියාමනය කිරීමටත් ,බස් රථවල ප්‍රමිතිය නියාමනය කිරීමටත් බලතල හිමිවනවා.
මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේදී එය මිල දී ගන්නා පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සදහා පැවති නීතිමය බාධාවන් සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් වනවා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 08 දරන ජාතික ගමනා ගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනවා.