
ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ වැඩ අරඹයි
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ මහතා ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා.
ඒ ජාතික බුද්ධි ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.
