ජාතිවාදය නිසා Melbourne විලාසිතා සතිය වර්ජනය කරන නිරූපණ ශිල්පීන්

ජාතිවාදය නිසා Melbourne විලාසිතා සතිය වර්ජනය කරන නිරූපණ ශිල්පීන්

ජාතිවාදය නිසා කළු ජාතික නිරූපණ ශිල්පීන් මෙල්බර්න් විලාසිතා සතිය වර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාවේ විලාසිතා කර්මාන්තය තුළ තමන් අත්විඳින අයහපත් සැලකීම් කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවෙන් කළු ජාතික නිරූපණ ශිල්පින් විශාල සංඛ්‍යාවක් Melbourne Fashion Week (MFW) වර්ජනය කරන බවයි සඳහන් වන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ කාර්ය මණ්ඩලය තමන් ඉදිරියේ සුදු ජාතිකයන්ට වෙනස් කොට සළකන ආකාරය, කොණ්ඩා මෝස්තරකරුවන් ඔවුන්ගේ හිසකෙස් ගැන අපහාසාත්මක අදහස් පළ කරන ආකාරය සහ සුදු නිරූපණ ශිල්පීන්ට සාපේක්ෂව අඩු වැටුපක් කළු ජාතික ශිල්පීන්ට ලබා දෙන බව තරයේ හෙළා දකින බවයි.

Melbourneහි ඉහළම විලාසිතා දැක්ම වන Melbourne Fashion Week වර්ජනය කිරීම මගින් කළු ජාතික නිරූපණ ශිල්පීන් පවත්නා ගැටළු මතු කිරීමට උත්සහ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This