
ජා.ජ.බ. වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි නීතිඥ තාරක ගේ ගෙට වෙඩිතැබීමට අයෙක් සැකපිට අල්ලයි
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි තීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවසට පසුගිය 16 වැනිදා අළුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් වෙඩි ප්‍රහාර කිහපයක් එල්ල කර තිබුණා.
එහිදී නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩික්කරුවන් පළා ගොස් තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා.
අදාළ සිදුවීම දේශපාලන වේදිකාවේද කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර වෙඩි ප්‍රහාරය සිදුවූ නිවසේ පදිංචි මන්ත්‍රිවරයා සහ චෝදනාවට ලක් වූ මන්ත්‍රිවරයෙක් අතර පැවැති දුරකතන සංවාදයක හඩපටයක්ද නිකුත් වී තිබුණා.
කෙසේ වෙතත් විමර්ශන සිදුකළ පොලිසිය මෝටර් රථයක් සමඟ සැකකරුවෙකු ඊයේ රාත්‍රි මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
33 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු වෙඩි තැබීමෙන් පසු හෝ පෙර අදාළ වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.