ජිහාඩ්වාදීන් නයිජර් සොල්දාදුවන් 29ක් මරා දමයි

ජිහාඩ්වාදීන් නයිජර් සොල්දාදුවන් 29ක් මරා දමයි

ජිහාඩ්වාදීන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සොල්දාදුවන් 29 දෙනෙකු මිය ගිය බව නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා

ජුලි මස අගදී හමුදා කුමන්ත්‍රණයකින් නයිජර් හි බලය අල්ලා ගැනීමෙන් පසු සිදුවූ මාරාන්තික ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

100කට අධික සටන්කාමීන් විසින් සන්නද්ධ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ භාවිතා කරමින් භට පිරිස්හට ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ

දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This