‘ජීවිතේට කෝටියක්’ ගැන…

‘ජීවිතේට කෝටියක්’ ගැන…

මේ දිනවල ලාංකේය රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර ඉහළ ජනප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් බවට, ආරම්භයට පෙරම ‘ජීවිතේට කෝටියක්’ වැඩසටහන පත්වෙලා තියෙනවා.

එ සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් මෑත කාලීන චෝදනාවන්ට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වමින් සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටිං සමාගම නිවේදනයක් නිකුත් කරතිබෙනවා.

එහි සඳහන් වන්නේ සංසරණය වන ඇතැම් ප්‍රකාශ අසත්‍ය, නොමඟ යවන සුළු බවයි.

ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් ප්‍රකාශයන් මෙන් නොව ‘ජීවිතේත කෝටියක්’ වැඩසටහන නිෂ්පාදනය කර ඇත්තේ අදාළ සියලුම නීතිමය, ගිවිසුම්ගත සහ කර්මාන්ත ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුකූලව බවත්, සීමාසහිත E A P විකාශන සමාගම විසින් කිසිදු උල්ලංඝනයක් හෝ අනිසි කටයුත්තක් සිදුකර නොමැති බවත් එයින් සහතික කරනවා.

සීමාසහිත E AP බ්‍රෝඩ්කාස්ටිං සමාගම සියලුම විකාශන කටයුතුවලදී අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වෘත්තීයභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් දිගටම ආරක්ශාකරමින් පවත්වා ගෙනයන බවද එමඟින් තහවුරු කරනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Share This